Tuesday, November 1, 2011

තවත් චරිතයක් - අඩුවක් නැති කොල්ලො


එක්තරා බෝඩිමක ඉදල තව බෝඩිමකට ගිය අලුත වුනු දෙයක් මේක. මේ කඵාව කියන මම බල්ලා අනික කොල්ලා. බල්ලෙක් ගානට වැටුනෙ ඇයි කියල තේරෙයි.

කොල්ලව මුණ ගැහුනු පළවෙනි දවස...

(කොල්ලා ඉතින් ඉන්නෙ ෂෝට ගහල, සිරා ටී ෂර්ට් එකක් මරල, රබර් දෙක දාල, ජෙල් නාලා, පර්ස් එක එහෙම අතට අරන් තමයි කොයි වෙලෙත් ඇවිදින්නෙ. කාමර වල ගංජා ගඳ කුඩු වෙන්න සෙන්ට් එක ගහනව. කොල්ල ළඟට එන කොට බල්ල පදිරි ඉතින්)

කොල්ලා : මචං උබ කොහෙද වර්ක් කරන්නෙ ?

බල්ලා : මේ අර අහවල් තැන

කොල්ලා : ආ.. එතන මොනවද කරන්නේ ?

(කොල්ලා කථා කරන්නෙ ගැඹුරු වොයිස් එකකින්. වචන උගුරට එන්නෙ කකුල් දෙකේ ඉදල.)

 බල්ලා : එතන කොම්පියුටර් නෙට්වර්ක් සයිඩ් එකේ.

කොල්ලා : සැලරි ෂේප්ද?

බල්ලා : ඔව් අව්ලක් නෑ. (මොකෝ ඇත්ත කියල අඩන්නද, පදිරි වෙන්නත් බෑනෙ)

(දැන් වාත වී ගෙන එන්නෙ. මේ හු-- ප්‍රශ්ණ අහනව කෙලවරක් නෑ.)

කොල්ලා : කීයක් විතර සෙට් වෙනවද?

(හු- මෙහෙමත් අහනවද යකෝ මනුස්සයෙක්ගෙන්. පදිරි වෙන්න බෑ, කිව්ව ඇත්ත ගානට වඩා 10 ක් වැඩියෙන්)

බල්ලා : විසි පහක් විතර...

(කොල්ලා නිකන් අමුතු මූඩ් එකක් දානව මම ගැන දුකෙන් වගේ)

කොල්ලා : එහෙමද? මම වර්ක් කරන්නෙ අහවල් ඉන්ෂුවරන්ස් කම්පැනි එකේ...

(මම මුකුත් අහන්නෙ නෑ පොර තමයි දෙසන්නෙ. මම දැන් දෙන්නෙ හ්ම් හ්ම්... එහෙමද...ආ... රිප්ලයි තමයි)

කොල්ලා : මට නම් ‍ෂේප් මචන්. බේසික් එකයි කමිෂන් එකයි සෙට් උනාම එයිටි (80) විතර සෙට් වෙනවා.

(ඇඩෙනවා..බල්ලා පදිරි. කොහොම හරි ඒකා එදා ගියේ මට උගේ කම්පැනි එකේ ඕනෙ නම් ජොබක් සෙට් කරන්නම් කියල )

දවස් දෙකකට විතර පස්සෙ මම කකා ඉන්නකොට මෑන්ස් ආව

බල්ලා : කොහොමද? උඹ කෑවද ? වරෙන් කමු.

(වැරදි ප්‍රශ්ණයක්නෙ ඇහුවෙ)

කොල්ලා : නෑ මචන් මම රයිස් එකක් කාල ආවෙ උබ කාපන්.

(විනාඩි දෙක තුනක් කොල්ලා වට පිට බල බල හිටියා. ඉදලා....)

කොල්ලා : මචං මට ෆයිව් තව්සන්ඩ් (5000) ගන්න පුළුවන්ද? පොඩි හදිසියකට..

(හෙණ ගහන්න වගේ ඉල්ලුවනෙ මූ. හරියට මම ඌට ණයයි වගේ. දැන් ඉතින් බල්ලගේ මීටර් එකට වැටුනා කොල්ලගේ පික්චර් එක)

කොල්ලා : ගෙදරට ඕන වෙලා මගේ ළඟ තිබුනු සේරම දුන්න ඒකයි සිද්දිය.

(කොල්ලා රැඟුවට බල්ලා බල්ලාම නෙ)

බල්ලා : අඩේ එච්චර ගානක් නෑ මචං.

කොල්ලා : ආ අව්ලක් නෑ. දෙකක් (2000) වත් ගන්න නැද්ද?

බල්ලා : අනේ නෑ මචං. ඔන්න රුපියල් පනහක් සීයක් වගේ නම් දෙන්න පුළුවන්

(හිනා වෙලා කිව්ව ඉතින්.. දැන් කොල්ලා සුසුමක් හෙළල යන්න හදන්නෙ.. එහෙම යන්න ගිහින් ආයෙත් හැරිල... )

කොල්ලා : කමක් නෑ මචං මට එහෙනම් 100 ක් දීපන්.

 රුපියල් සීයත් අරන් කොල්ලා වාෂ්ප වුනා. හැබැයි රයිස් කෑව කියපු එකා ඒකෙන් කෑම එකක් අරගෙන ආවෙ. එක අතකට පව් ඉතින්. ඒ වුනාට උගේ බොරු ෂෝ එක නෙ අවුල. මේ ඉතින් එක චරිතයක් විතරනේ. ඔයාලටත් අනිව මේ වගේ ඩයල් සෙට් වෙලා ඇතිනෙ.

4 comments:

  1. පිස්සු යක්කු බන්.... රඟනවා ලෙසට... පව් චරිත

    ReplyDelete
  2. හොදයි මචං පෝස්ට් එක නම්. මමත් ඉන්ෂුවරන්ස් ඇඩ්වයිසර් කෙනෙක්.. මේ ලියුමෙන් හැබැයි රක්ෂණ ක්ෂේස්තරේ ගැන නරක අදහසක් ගන්න එක නම් හොද දෙයක් නෙමෙයි.
    ඉන්ෂුවරන්ස් මාර්කටින් වලින් ඇත්තටම හොද ගානක සැලරියක් ගන්න පුලුවන්.. අපේ ගොඩක් රක්ෂණ අයියලා එහෙම සැලරියක් ගන්නේ නැත්තේ 15000ක් අතට ගත්ත ගමන් comfortable zone ( මමත් දැන් ඉන්නේ ඒකෙ යට අඩියෙ. ඉක්මනට අනිත් පැත්තට පනින්න ඕනේ
    .) එකට ඇවිත් මේ ඇති කියලා හිතලා මහන වෙන්න හදන නිසයි.
    වැඩි හරියක් ලාංකිකයො එහෙමනේ..


    හැබැයි කොල්ලෝ රක්ෂන ක්ෂේස්තරේ කියන්නෙ හොදට හොයන්න පුලුවන් ක්ෂේස්තරයක්..

    මම 2009 දෙසැමබරේ රක්ෂණ ක්ෂේස්තරේට එද්දි මගේ
    පලවෙනි මාසේ සැලරිය 973/=
    දෙවෙනි මාසේ සැලරිය 3740/=
    තෙවෙනි මාසේ සැලරිය 10400/=
    දොලොස් වෙනි මාසේ සැලරිය 17000/=
    මේ 24 වෙනි මාසේ හැබැයි තාම සැලරිය 25000/=

    වැරැද්ද තියෙන්නේ අපේ මිසක් ඉන්ඩස්ටිරියෙ නෙමෙයි... හොදේ....!

    ReplyDelete
  3. @Dr.C# උබේ කථාව ඉහ මුදුනින් පිලිගන්නවා මචං. ක්ෂේත්‍රයේ වැරැද්දක් නෑ.
    නමුත් පුද්ගලයාගේ වෙනස තමයි තියෙන්නෙ. තමුන්ගෙ වාසියට අනෙක් අය ගොනාට අන්දන්න උත්සාහ කරන එවුන් එමටයි.

    ReplyDelete
  4. මම ඉස්සර වැඩ කරපු තැනට ආවා බුවෙක්..මුගේ ගෙදර හොද බර නිකං ජොලියට මේ රස්සවට ඇවිල්ලා තියෙන්නේ කිව්වා...පළවෙනි මාසේ පඩියෙන් පාටියක් සෙට් කරා අපි...අතිනුත් දාලා බිල ගෙවන ගානට වැඩේ සෙට් කරා..කාලා බීලා අපි ගියා..කොහොමහරි එකෙක්ගෙන් නයට සල්ලි අරගෙන තමයි මූ ඊලග මාසේ වැඩට ඇවිල්ලා තියෙන්නේ ....

    ReplyDelete

මල් පඬුරු,ගල් මුල්, තක්කාලි බිත්තර ඕන එකක් මෙන්න මේකට දාන්න.