Wednesday, November 16, 2011

ඇති දේ ඇති සැටියෙන් ලොව දකින මිනිස්සූ

ඇති දේ ඇති සැටියෙන් ලොව දකින මිනිස්සූ...
ලද දේ සිත සතුටින් විඳ වෙසෙන මිනිස්සූ...
පොරණේ මිහිසයනේ ගොඩ නැඟූ මිනිස්සූ...
අරුමේ කිම වඳවෙන හිරු සඳිසි මිනිස්සූ...

ජේම්ස් වෝල්ටර් ෂූමාර්කර්. ඔව් මේක තමයි නම. මට ෂූමාර්කර් මහත්මයව මුණ ගැහුනෙ හරියටම දවස් හතරකට කලින්. ඒ මගේ මස්සිනා අසනීප වෙලා එයාගේ තනියට  ඉස්පිරිතාලේ ඉන්නකොට.

අපි හිටී ඇඳට අල්ලපු ඇඳේ හිටියා වයසක මනුස්සයෙක්. මම කීප වතාවක් දැක්කා ඒ මනුස්සයා තනියම නාන කාමරයට ගිහිල්ලා ඇඟ හෝදගෙන එහෙම එනවා. එවෙලේ එච්චර ගානක් වුනේ නෑ. මට හිතුනේ උපරිම වයස හැටක විතර මනුස්සයෙක් කියලා. බැලූ බැල්මට හරි ප්‍රිය මනාපයි. පොඩ්ඩක් කුදු ගැහිල හිටියට ඇවිදීම ඉතා සාමාන්‍යයි.

මම සම්පූර්ණ රැයක්ම හිටියා. මට හොදට මතකයි ඒ මනුස්සයා නිශ්ශබ්දව පාඩුවේ හිටියේ. හා හා පුරා කියල කථාවට මුල පිරුනෙ මස්සිනාගෙ ටිකට් කපපු දවසෙ උදේ. එයා මස්සිනා ගේ සුව දුක් ඇහුවා. මොකද වෙලා තිබුනෙ? දැන් හොදයිද? ඒව අහල ඉවරවුන ගමන් ඉංග්‍රීසියෙන් කථා කරන්න පටන් ගත්තා. ඒ එයාට මොකද වුනේ කියල කියන්න. කියපු විදියට එයා නෝනත් එක්ක ටවුන් එකේ යමින් ගමන් හුස්ම ගන්න අමාරු වෙලා පාරේ හිටී තැනම ඉඳගෙන තියෙනවා. ඒ නිසා තමයි එවේලේම ඉස්පිරිතාලෙට ඇතුළු වෙලා තියෙන්නෙ. කොහොම නමුත් සිදුවීම කියන්න පටන්ගත්තෙ ඉංග්‍රීසියෙන් නිසා මට හිතුනෙ දැන් අර සමහර අය වගේ  ඉංග්‍රීසියේ වහලෙක්ය දැන් ඉතින් කණක් ඇහිල ඉදලහමාරය කියලා. ඒත් මගේ සේරම උපකල්පන තවත් ඉස්සරහට කථා කරද්දි බිදිලා ගියා.

මම රේල් වේ එකේ වැඩ කලේ ට්‍රේන් ඩ්‍රයිවර් කෙනෙක් විදියට. ගොඩක් ඉස්සර. ස්ටීම් ට්‍රේන් තිබුනෙ ඒ දවස් වල. ඩීසල් ඒවා තිබුනෙ දෙකක් විතර. මම පොඩි කාලේ ඉඳල කාර්මික වැඩ වලට තමයි ආස. කෙහොමත් අපි ජර්මන් අයනෙ. අපේ තාත්තල සීයල සේරම වගේ රේල් වේ එකේ තමයි වැඩ කලේ. මගේ නම  ෂූමාර්කර්. (එතකොට තමයි මම සම්පූර්ණ නම ඇහුවෙ). ජේම්ස් වෝල්ටර් ෂූමාර්කර් (වෛද්‍ය වාර්ථාවක නම ලියවිලා තියෙනව පෙන්නුවා). දැන් වගේ නෙමෙයි ඉතින් ඉස්සර. ට්‍රේන් ඩ්‍රයිවර් කියන්නෙ ක්ලීන් සූට් කරන්න පුළුවන් රස්සාවක් නෙමෙයි. ගල් අඟුරු පටවලා, දාඩිය දාගෙන තමයි වැඩ කලේ. දැන් ඉතින් ඒවා කරන්න ඕනෙ නෑනෙ. ඒ උනාට මම ආසාවෙන් රස්සාව කලා. මට රේඩියෝ ටීව වැඩ එහෙම පුළුවන්. මම ඒ වැඩ වලට ආසයි. මම ළඟ තියෙනව තාම හොදට වැඩ කරන පරණ රේඩියෝවක්. ඒකෙ ට්‍රාන්සිස්ටර් කැපෑසිටර් නෑ. වැකූම් ටියුබ් තියෙන්නෙ. මම හදාපු පරණ සවුන්ඩ් සිස්ටම් එහෙමත් තියෙනව. මට ඕන වැඩක් කරන්න පුළුවන්. වඩු වැඩ, මේසන් වැඩ. මම මගේ සේරම වැඩ තනියෙන් කර ගන්නෙ. දැනටත් මගේ රෙදි නෝනටවත් හෝදන්න දෙන්නෙනෑ. නෝන මට හරි ආදරෙයි. දැන් වෙලා තියෙන දේට එයා කළබල වෙලා ඉන්නෙ.

මම වැඩ කරන්න හරි කැමතියි. අව්ව වැස්ස කියල බලන්නෙ නැතුව මම ඕන තරම් වැඩ කලා. දැන් මෙහෙම හිටියට තරුණ කාලේ හොදට ඇග පත තිබුනා. ජෝතිපාලගෙ වගේ බෙලි දෙකක් තිබුනා.(එහෙම කිව්වෙ හයියෙන් හිනා වෙන ගමන්. ඒ හිනාවෙ ගැබ්වෙලා තිබුනෙ ආත්ම‍තෳප්තිය). මේ ශරීරෙ ඉතින් දිරල යනවනෙ නේද? ඔයාල බුඩිස්ට්ලද?(අපි ඔව් කිව්වා). මම බර්ගර්. ඒ උනාට බෞද්ධ. මම මස් මාළු කන්නෙ නෑ, සිගරට් අරක්කු බොන්නෙ නෑ. බණ භාවනා කරනවා. ගොඩක් බර්ගර් අය සම්පූර්ණ විරුද්ධ පැත්තනෙ නේද? (ආයෙමත් පුරුදු විදියට හිනා වුනා). ගමේ අය මට කියන්නෙ සුදු මහත්තය කියලා. සුදු මහත්තය මස් මාළු කන්නෙ නෑ කියලා හිතන්නත් අමාරුයි කියල සමහරු කියනව. මම ගමේ අයට ගොඩක් උදව් කරනව. ඒ නිසි ඒ අය මට ආදරෙයි.

ඉස්පිරිතාලෙට එක්කගෙන ආව ගමන් ලේ දෙන්න ඕනෙ කියල කිව්වා. මම කැමති වුනේ නෑ. මම ඉතින් දැන් සෑහෙන කල් ජීවත් වුනානේ. මම කිව්වා මේ අයට, අපරාදේ මට දෙන ලේ වෙන සුදුසු කෙනෙකුට දෙන්න පුළුවන්නෙ කියල. හැබැයි මගේ නෝන ඇවිල්ල අඬා වැලපුනායින් ලේ ගන්න කැමති වුනා. බුදු හාමුදුරුවො දුෂ්කරක්‍රියා කලා, ශරීර අවයව පවා දන් දුන්නා. එහෙම එකේ අපට ඒ වගේ දෙයක්වත් කරන්න බැරිනම් වැඩක් නෑනෙ.

මම බුදු දහම පිලිපදිනවා, ප්‍රතිපත්ති රකිනව. සමහර හාමුදුරුවරුන්ට වඩා හොදින්. දවසක් පොරවෙන් වැඩක් කරන කොට මගේ කකුලෙ ‍පොරව වැදිල ගොඩක් ලේ ගියා. සිද්දියෙන් පස්සෙ මම දවසක් පන්සලට ගියා. හාමුදුරුවරුන්ට වුනු දේ ආරංචි වෙලා. හාමුදුරුවරුවො කියනව පීකුදු කෑවාම ලේ වඩනව කියල. මම කිවුවා ඉතින් පීකුදු වුනත් මාංශනෙ කියල. හාමුදුරුවරුවො කියනවා මහත්මයා ප්‍රාණගාතයක් නොකලනම් කෑවාම මොකද? ඉතින් මම හාමුදුරුවරුවන්ට කිව්වෙ අපි කන නිසානෙ මරන්නෙ කියලා.

(ගෙදර ඉන්නෙ ඔය දෙන්න විතරද? ළමයි නැද්ද? මම ඇහුවා) ඉන්නවා. ළමයි හතර දෙනෙක්. සේරම අය රට. ඒ අය හොදට ඉන්නවා. මට ඉතින් පෙන්ෂන් එක තියෙනවනෙ ඒ නිසා කරදරයක් නැතුව අපි පාඩුවේ ඉන්නව.

(දැන් රිටයර් වෙලා කොච්චර කල්ද?) අවුරුදු විසිදෙකක් වෙනවා.
(එතකොට දැන් වයස කීයද?) හැත්තෑඑකක් වෙනවා.

(ජර්මනියට ඇයි ගියේ නැත්තෙ?) ඉස්සර යන්න අවස්ථා කීපයක්ම තිබුනා. ඒත් ගියේ නෑ. මම සිංහල දෙමළ වලට කැමතියි. සිංහල හරි දෙමළ හරි කෙනෙක්ව බඳින්න තමයි හිතානෙ හිටියෙ. මගේ සහෝදර සහෝදරියො ගොඩක් පිටරට ඉන්නෙ.

මම ජීවිතේ ගොඩක් සැහැල්ලුවෙන් ගත කරන්නෙ. කර්මාන්තෙට තියෙන ආසාව තාම තියෙනව. රේඩියෝ ටීවි මම තාමත් හදනව. මම සිංහල සිංදු අහන්න හරි ආසයි. හිටි ගමන් පාන්දර තුනට හතරටත් හෙඩ් සෙට් එකකින් සිංදු අහනවා. (ඊට පස්සෙ සිංදු දෙක තුනක නිධාන කථාත් කිවුවා. ඒ සිංදු ට්ක නම් මතක නෑ. කොහොමහරි ඒ සිංදු මම අහල තිබුනට තේරුම දැන ගෙන හිටියෙ නෑ)

අපි එදා හවස ඉස්පිරිතාලෙන් ආවා. මම හිතන්නෙ ෂූමාර්කර් මහත්මයත් එදාම හවස හරි පහුවදා උදේ හරි ඉස්පිරිතාලෙන් යන්න ඇති.

ඇත්තටම අපි ජීවත් වෙන්න ඕන විදියටද ජීවත් වෙන්නෙ? නැත්නම් මෙලෝ හසරක් නැතුව ගාල කඩා ගත්තු හරක් වගේ දුවනවද?

ඇත්තටම අපි (මම) බුඩිස්ට්ලද?

Tuesday, November 15, 2011

පොලිස් ආතල්

දැනට අවුරුදු දෙකකට විතර කලින් මගේ මෝටර් සයිකල් එක ඇක්සිඩන්ට් එකක් වුනානෙ. සිදුවීම සම්පූර්ණයෙන් කියන්න නම් අමාරුයි ඒ නිසා පෙරල කරල එහෙම සාරාංශය කැටිකොට දක්වන්නම්.

අලි වැඩේ තමයි... රා ගුඩ්ඩගේ උදව්ව....

ඇක්සිඩන්ට් එක වුනේ එක්තරා ප්‍රදේශයක පොලීසියට මීටර් දෙතුන් සීයක් දුරින්. මෝටර් සයිකල් එක පැදගෙන ගියේ මම, පිටිපස්සෙ තව මගේ යාළුවෙක් එක්ක ගියේ. අපිට පිටිපස්සෙන් තව මෝටර් සයිකල්
එක්ක යාළුවො දෙන්නෙක් ආව. අපි එදා යාළුවෙකුගේ මඟුල් ගෙදර ගිහින් එමින් ගමන්. රෑ අටට විතර පාරෙත් වාහන පේන්න නෑ ඉතින් වේගෙ හැටට විතර ගියේ. ඔහොම යනකොට එක පාරට ෆුට් සයිකල් එකක්
පාර මැද හරියෙ ඉදල අපේ හරහා දැම්ම. දානවත් එක්කම දැකල හෝන් එක ගහල බ්රේක් කලත් වැඩක් වුනේ නෑ ඒත් එක්කම හැප්පිලා ඉවරයි. මෝටර් සයිකල් එකත් එක්ක අපි දෙන්නම බිමට වැටුනා.

කොහොම හරි ඒ කිට්ටුවම හිටි කාගේ හරි උදව් අරගෙන මම නැගිට්ටා. මගේ යාළුවා පාර අයිනෙ වැතිරිල ඉන්නව දැක්කා ඒත් මම ඉක්මනින්ම ෆුට් සයිකල් එ‍කේ කෙනා ළඟට ගියා. මිනිහ වයසක මනුස්සයෙක්
මූණ වැදිල ලේ ගලනව. වටපිටාවෙ අයත් එක්ක මිනිහව පාරෙන් අයින් කරලා හොස්පිට්ල් ගෙනියන්න ක්‍රමයක් හොයන අතරෙ අපිට පිටිපස්සෙ මෝටර් සයිකල් එකේ ආපු යාළුවෙක් කිව්ව මාත් එක්ක ආපු
යාළුවට අමාරුයි කියල. බැලුවාම මගේ යාළුවගේ නළල හරියෙ ඇතුලට බැහැල. පේන්න ලේ එන්නෙ නෑ කොහෙන්වත්.පස්සෙ කොහොම හරි වාහනයක් නතර කරල දෙන්නවම හොස්පිට්ල් යැව්ව අනෙක්
යාළුවො දෙන්නගෙන් එක්කෙනෙක් එක්ක. ඔය සේරම වෙන අතරෙ මිනිස්සු බනිනව ෆුට් සයිකල් එ‍කේ කෙනාට මොකද මිනිහා වෙන දේ නොදැනෙන තරමට බීලා.

 කොරේ පිටට මරේ ................

දැන් මමයි ඉතිරි අනිත් යාළුවයි ඉන්ෂුවරන්ස් එකට කෝල් කලා. කෝල් කරලා අනික් අතට කොරේ පිටට මරේ කියල වෑන් එකක් හයියෙන් ආව වේගෙන්ම පාරෙ තිබුනු  මෝටර් සයිකල් එකයි ෆුට් සයිකල්
එකයි යට කර ගෙන ගියා. වෑන් එක නවත්වන්නෙ නැතුව ගිය නිසා අවට හිටී අය පිටිපස්සෙන් ගිහිල්ල කිලෝමීටරයක් විතර දුරින් කොහොම හරි ඒක නතර කර ගෙන තිබුනා. මමත් එතනට ගියා එතන තව
කලබලයක්. වෑන් එකේ පොර මිනිස්සුත් එක්කක් බැන ගෙන යන්න හදන්නෙ. මටත් ඕන වුනේ පොලිසියට එක්ක යන්න. ඒත් එක්කම සීමාව පැනපු කෙනෙක් වෑන් එකේ කෙනාට ගැහුව ලේ එන්න පාරක්. ඊට
පස්සෙ පොලිසි ගියා මිනිහවත් එක්ක. මිනිහ නීතීඥයෙක්, නියම කට උත්තරයක් දීල මිනිහ හොස්පිට්ල් ගියා. කට උත්තරේට කියල තියෙන්නෙ මම ගැහුව කියලා.

කරුමෙක මහත ...............

මගෙනුත් කට උත්තර ලියා ගත්තා. ඉතින් මම කියපු දේවල් ලියා ගනිපු කොස්තාපල් මහත්තය මට වුනු දේ ගැන අනුකම්පාවෙන් අර ෆුට් සයිකල් එකේ ගිය බීපු එකාටයි වෑන් එකේ එකාටයි පලු යන්න බනිනව
මාත් එක්ක. තව ඒ අවට හිටී කොස්තාපල්ල දෙතුන් දෙනෙතුයි ග්‍රාම ආරක්ෂකල කීප දෙනෙකුයි මට පක්ෂව කථා කලා. මට දැන් බයක් නෑ. මම කල්පනා කලේ මගේ යාළුවට කොහොමද කියල.  මගේ නිකටින්
ලේ එන නිසා කට උත්තරේ ලියල ඉවර වුනාම පොලිස් ජීප් එකකින්ම ‍මාව හොස්පිට්ල් එක්කගෙන ගියා. ගිහිල්ල බීලද නැද්ද කියල බලල බෙහෙත් එහෙම දැම්ම. ඩොකා විස්තරේ එහෙම අහල කිව්වා ෆුට්
සයිකල් එකේ ගිය බීපු එකා ඉන්නවා ඌට එහෙම අමාරුවක් නෑ සීරීම් තුවාල විතරයි හැබැයි උගෙන් හරි කරදරයි කුණුහරුප කියනව කියල. ඩොකා එහෙම කිව්වෙ මටයි කොස්තාපල්ටයි. කියල කිවිව
යාළුවටනම් අමාරුයි ඒ නිසා පානදුර හොස්පිට්ල් එකට යැව්ව කියල (ඇත්තටම එයාව එක්කරගෙන ගිහින් තිබුනෙ කොලඹ මහ ඉස්පිරිතාලෙට. එහෙම කරල තිබුනෙ වෙලාවට දෙවියො බැලුව වගේ අපේ
යාළුවෙක්මයි. එහෙම කළ නිසා තමයි යාළුවව බේරගන්න පුළුවන් වුනේ.) ඊට පස්සෙ අපි ආයෙත් ගියා පොලීසියට.

ඔන්න දැන් තමයි හොදම හරිය............

දැන් ඉතින් සෑහෙන්න රෑ වෙලා. පොලීසියෙන් කියනව මාව යවන්න බැරිලු. ඒ ඉතින් මගේ ආරක්ෂාවටලු. වෑන් කාරයගෙ කට උත්තරේ නිසා කොහොමටත් තියා ගන්න වෙනව කිව්වනෙ. අවුලක් නෑ, මමත්
ඉස්සරහ බංකුවේ ඉඳගෙන හිටිය ඉතින්.පොලීසියේ තුන් හතර දෙනයි දැන් ඉන්නෙ. අපරාදෙ කියන්න බෑ ඒ අය කෑම කෑවද කියල එහෙම අහල නිදා ගන්න පැදුරකුත් ගෙනත් දුන්නා. කාමරයක් ඇතුලෙ ඒකත්
එලා ගෙන නින්දක් දැම්ම. නිදිමත තිබුනට කොහේ නිදියන්නද, වැටුණු පාරට ඇඟ රිදෙනව කොන්දත් එක්ක. අනික යාළුවට මොනව වෙලාද දන්නෙත් නෑනෙ. කොහොමහරි ඔන්න එලි වුනා. උදේ ඉතින් මම
ආයෙත් ඉස්සරහ බංකුවේ ඉඳගෙන හිටියා. කට්ටිය දැන් එන්න එන්න වැඩි වෙනව, කවුරුත් මුකුත් අහන්නෙත් නෑ. මම කීප වතාවක් වට පිට බැලුව, ඊයේ රෑ හිටී කවුරුත් නෑ. මම හිතන්නෙ ඩියුටි මාරු වෙලා
වෙන්න ඕන. ඔහොම ඉන්න කොට තනි තරුවක් (උර හිසේ තරුව ගහපු කෙනෙක් - ලොක්කෙක්) ආව ළගට. මගේ දිහා බලලා ඇතුලේ හිටී කොස්තාපල් කෙනෙකුගෙන් ඇහුවා "මෙයා මොකද?"

කොස්තාපල් : සර් ඊයේ බයිසිකල් එක ඇක්සිඩන්ට් වෙලා... (ඔහොම කියද්දි ලොක්කා එතනට කිට්ටු කලා)

ලොක්කා : කෝ ඒ.අයි.බී. එක ගන්න බලන්න (මම හිතන්නෙ ඒ.අයි.බී. කියන්නෙ ඇක්සිඩන්ට් ඉන්ෆොමේෂන් බුක් වෙන්න ඕන).

කොස්තාපල් : මේක සර් ලියල තියෙන්නෙ පී.අයි.බී. එකේ (පී.අයි.බී. මේකෙ තේරුම නම් මට හිතා ගන්න අමාරුයි)

ලොක්කා : (මල පැනල) පී.අයි.බී. එකේ ? පී.අයි.බී. එකේ මොනව ලියන්නද? කවුද ලියල තියෙන්නෙ ? (පොර කෑ ගහන ගමන් මගේ දිහාත් මලෙන් බලනවා.. හරියට මම බලෙන් ලියවල වගේ).

(කොහොම හරි ලොක්කා පොතේ කථාන්දරේ තත්පර දහයකින් විතර බැලුවා)

ලොක්කා : (දඩස් ගාලා පොත වැහුවා) මෙයාව ඇතුලට දාන්න. උසාවි ගෙනියන්න වෙනවනෙ..

(බඩුම තමයි. මට පොල්ලෙන් ගැහුව වගේ.. මට ඉතින් ආයෙ කට හොලවන්නවත් ලැබුනෙ නෑ.. ලොක්කා එහෙම කියල එතනින් වාෂ්ප වුනා.)

කොස්තාපල් : මෙහෙමයි තුන් දෙන්නෙක්ම හෝස්පිට්ල් නිසා උසාවි දාන්න වෙනව. ලෝයර් කෙනෙකුත් අල්ලන්න. (කියන ගමන් මාව දක්කගෙන ගියා කූඩුවට..) උසාවි ගෙනියනකම් ඇතුලෙ ඉන්න වෙයි.

(පැය බාගයක් විතර ඇතුලෙ හිටියා. කොහොම හරි උසාවි ගියේ නෑ. අපේ අම්මල, යාළුවො දන්න කියන පොලිස් ලොක්කන් ලවා ඕ.අයි.සී. ට කථා කරලා එදා හවස් වෙද්දි ගෙදර යන්න අවසර ගත්තා. එහෙම

කරන්න පුළුවන් වුනෙත් බොරුවට අමාරුයි කියල හෝස්පිට්ල් එකේ හිටී වෑන් පොරගෙන් සමාව අරන් සමාදාන වුනාට පස්සෙ)



සති දෙකකින් විතර ආයෙමත් ගියානෙ............

දැන් සේරම වෙලා සති දෙකක් විතර ඇති. මගේ යාළුවනම් තාම හොස්පිට්ල් එකේ. හැබැයි ඔපරේෂන් කරල දැඩි සත්කාර ඒකකයෙත් ඉදල දැන් නම් හොද අතට හැරී ගෙන එන ගමන්. මම ආයෙමත් ගියා
පොලිසියට. ගියේ ඉන්ෂුවරන්ස් ෆෝම් එකක් අත්සන් කරගෙන පැමිණිලි පිටපතක් ගන්න. කලින් පොලීසියෙන් ගිය දවසේ අපි බයික් එකත් නිදහස් කරල ගරාඡ් එකකට දාලා තිබුනෙ. පැමිණිලි පිටපත ගන්න
තැන හිටියෙ කොස්තාපල්වරියක්. මෙන්න එතන කථාව.

කොස්තාපල්වරිය : ඇයි?

මම : මේ පැමිණිලි පිටපතක් ගන්න

කොස්තාපල්වරිය : මොකටද?

මම : ඉන්ෂුවරන්ස් එකට දෙන්න

කොස්තාපල්වරිය : ආ.. ඇක්සිඩන්ට් එකක් ද? කවදද වුනේ? කීයට ද?

මම ඉතින් දිනය, වෙලාව සේරම කිව්වා. ඊට පස්සෙ විනාඩි විස්සකින් විතර එතුමිය හරි අමාරුවෙන් නැගිටලා ගියා. තව විනාඩි විස්සකින් විතර ආයෙත් ආවා.

කොස්තාපල්වරිය : කෝ එහෙම පැමිණිල්ලක් නෑනෙ.

(හුටා.. හරිනෙ මට දැනුයි මීටරේට වැටුනෙ. එදා වෙන පොතකනෙ ලියල තියෙනව කිව්වෙ.)

මම : මිස් එදා බැලුවාම පැමිණිල්ල ලියල තියෙනව කිව්වෙ පී.අයි.බී. කියල මොකක හරි

(එතුමිය චුක්.. කිව්ව. එන්න බලන්න කියල, මටත් ඉස්සරහට එන්න කිව්ව. එතුමියට මල පැනල. වෙනසක් නෑ ඉතින් නිකන් කථා කරන කොටත් එහෙම තමයි. කට හඩත් එන්න එන්න කනට මී පැණි වගේ)

කොස්තාපල්වරිය : මේක ලියන්න ඹ්නෙ මේකෙ නෙමෙයි නෙ. මෙතන විකාරනෙ කරන්නෙ.

(කච කච ගාල කියවනව. මෙතුමිය කෑ ගහන්නෙත් සැරින් සැරේ මම දිහා බල බල. යකෝ හරියට මම ලිව්ව වගේ)

කොස්තාපල්වරිය : කෝ මේ කේස් එක තාම ඹ්පන් නෙ. මට මුකුත් කරන්න බෑ. ට්‍රැෆික් ඕ.අයි.සී. ට කථා කරන්න.

(හ්ම්.. දැන් මොනව කරන්නද. හිටිය ට්‍රැෆික් ඕ.අයි.සී එනකම්. ට්‍රැෆික් ඕ.අයි.සී ආවාම පැමිණිලි පොත අරගෙන කියවල කරල කථාව පටන් ගත්ත. මේ ඒ කථාව.)

ට්‍රැෆික් ඕ.අයි.සී : යාළුව තාම හොස්පිට්ල් ද?

මම : ඔව් සර්

ට්‍රැෆික් ඕ.අයි.සී : කොහොමද දැන් එයාට?

මම : දැන් නම් ගොඩක් හොදයි. ලඟදි ටිකට් කපයි.

ට්‍රැෆික් ඕ.අයි.සී : වෑන් එකේ කෙනා සමාදාන වෙලා තියෙනවනෙ?

මම : ඔව් සර්

ට්‍රැෆික් ඕ.අයි.සී : හ්ම්... ෆුට් සයිකල් මනුස්සයට මොකද වුණේ?

මම : එදා නම් හොස්පිට්ල් එකේ හිටියා.

ට්‍රැෆික් ඕ.අයි.සී : එදා කිව්වෙ?

මම : ඇක්සිඩන්ට් වුනු දවසේ

ට්‍රැෆික් ඕ.අයි.සී : ඊට පස්සෙ බැලුවෙ නෑ? ඒ මනුස්සයට මොකද වුනේ, තත්වෙ කොහොමද ඒව බැලුවෙ නෑ?

මම : නෑ සර්. ඇක්සිඩන්ට් වුනු දවසෙ හොස්පිට්ල් ගියාම නම් ඩොක්ටර් එහෙම බැන බැන හිටිය එයාගෙන් කරදරයි කියල. අමාරුවකුත් නෑ කියල කිව්ව

ට්‍රැෆික් ඕ.අයි.සී : හරි... හරී... මම අහන්නෙ තමුන් ඊට පස්සෙ හොයල බැලුවෙ නැද්ද? පොලීසියෙන් කට උත්තර අරන් තියෙනවද එයාගෙන්?

(අම්මට..... යකෝ මේ මොන කෙහෙල් මලක්ද?)

මම : කට උත්තර අරන් තියෙනවද කියල මම දන්නෙ නෑ සර්

ට්‍රැෆික් ඕ.අයි.සී : කෝ තමුන්ගෙ ඩ්‍රයිවින් ලයිසන් එක මෙහේද?

මම : නෑ. මම ලඟ

ට්‍රැෆික් ඕ.අයි.සී : (කොස්තාපල් කෙනෙකුට කථා කරල) මෙයාගෙ ලයිසන් එක ගන්න. (මට කියනවා) තමුන් උසාවියට එන්න. දිනයක් අපි දන්වන්නම්.

(හෙණ ගහපිය කිව්වලු.)

මම : සර් එදා අපි ඕ.අයි.සී මහත්තයත් එක්ක කථා කරල ප්‍රශ්ණෙ සමතයකට පත් කර ගත්තනෙ

ට්‍රැෆික් ඕ.අයි.සී : ෆුට් සයිකල් එකේ මනුස්සයට මොකද වුනේ කියල තමුන් දන්නෙත් නෑ, පොලීසියේ විස්තරත් නෑනෙ. කරන්න දෙයක් නෑ. එයා ඉන්න තැන දන්නව ද?

මම : නෑ ඒක දන්නෙ නෑ

ට්‍රැෆික් ඕ.අයි.සී : ඉන්න තැන හොයාගෙන මනුස්සයව එක්කගෙන එන්න පුළුවන්නම් තත්වෙ බලල තීරනයක් ගන්න පුළුවන්.

(මම හිතින් - යකෝ මම ඔටුවෙක් නෙමෙයි. කොහොම හරි පව මගේ ඇගේ ගහන්නයි හදන්නෙ. දෙන්නම්කො සළාද......)

මම : හරි මම එක්කගෙන එන්නම්

දැන් ඉතින් අර යකා ඉන්න තැනක් හොයා ගන්න එපැයි. කොහොම හරි වැඩි වෙලා ගියේ නෑ එහේ මෙහේ කැරකි කැරකි ඉන්නකොට පොර වැඩ කරන තැන (සමූපකාරෙ) දැන ගත්ත ග්‍රාමාරක්ෂක
කෙනෙක්ගෙන්. පස්සෙ මම ඒ කිට්ටුව හිටී යාළුවෙක්ට කෝල් කරල එයත් එක්ක ගියා මෑන්ස් ව හොයන්න. එදා සෙනසුරාදා දවසක්, සමූපකාරෙ වහල. ඒ උනාට මුරට හිටී කෙනාගෙන් විස්තරේ කියල ඇහුවාම
නමයි ඉන්න තැනයි කිව්වා. ඒ අනුව ගිහිල්ල ගෙදර හොයා ගත්තා.

ඇක්සිඩන්ට් එක වුනු තැනයි, සමූපකාරෙයි එක ළඟම තිබුනෙ. ගෙදර තිබුනෙ කිලෝමීටර් එකහමාරක් දෙකක් විතර එහායින්.

දැන් ඉතින් අපි ගෙදර. ෆුට් සයිකල් පොරගෙ නෝන තමයි කථා කලේ. අපිව අදුන්වල දුන්නාම හොදට කථා කලා. ඒ අයගෙ දුවත් හිටියා. දෙන්නම ඉතින් හරි අනුකම්පාවෙන් තමුන්ගෙ මනුස්සයා/තාත්තා බීලා
හිටී නිසානෙ මෙහෙම වුනේ කිය කිය හිටියා. ඒ වෙලාවෙ මෑන්ස් නිදි. පස්සෙ නෝන කථා කලාම ආව. ඇගේ තැනින් තැන සීරිලා තිබුනා, මූණ සීරිලා තිබුනා, හැබැයි ඉතින් අවුලක් නැතුව ඇවිල්ල ඉද ගත්තා.

ඕන කෙනෙකුට මෑන්ස්ව දැක්කාම හොද බේබද්දෙක් කියල පේනව. අපි වැඩිය කථා කලේ නෑ, වෙන්න ඕන දේ කිව්වා, පස්සෙ තාත්තයි දුවයි ආව පොලීසියට.

දැන් ආයෙමත් මමයි, ෆුට් සයිකල් පොරයි, එයාගෙ දුවයි ට්‍රැෆික් ඕ.අයි.සී ඉස්සරහා ඉන්නෙ. මෙන්න කථාව.

ට්‍රැෆික් ඕ.අයි.සී : ආ මෙයාද ෆුට් සයිකල් එකේ ගිය කෙනා. (ෆුට් සයිකල් දිහා බලල) කොහොමද දැන්?

(අර යකා මෙච්චර වෙලා හොදට හිටියා.. දැන් හරි අමාරුවෙන් සූ...සූ.. කිය කිය තුවාල රදෙනව වගේ කටින් උත්තර දෙන්නෙත් නැතුව ඔළුව වැනුව හොදයි කියල)

ට්‍රැෆික් ඕ.අයි.සී : කෝ මම ඇහුවෙ හොදද කියල කථා කරන්න බැරිද?

ෆුට් : දැන් ටිකක් හොදයි සර්

(හොදට රඟපානව)

ට්‍රැෆික් ඕ.අයි.සී : (මම දිහා බලල) බලනව මේ මනුස්සයෙගෙ තත්වෙ (ෆුට් දිහා බලල) තමුන් බීලා ඉදල තියෙන්නෙ නේද?

ෆුට් : නෑ සර්

(මුගේ අම්මට... යකෝ මල පනිනවනෙ. මම ඉතින් කින්ඩි හිනාවක් දැම්ම)

ට්‍රැෆික් ඕ.අයි.සී : මොකද නැත්තෙ එදා ඉස්පිරිතාලෙන් බලද්දිත් බීලනෙ ඉදල තියෙන්නෙ

ෆුට් : බියර් එකක් විතරයි බීල හිටියේ සර්

(ට්‍රැෆික් ඕ.අයි.සී ත් කොචොක් හිනාවක් දැම්ම)

ට්‍රැෆික් ඕ.අයි.සී : (මම දිහා බලල) බීල හිටියත්, වැරද්දක් කළත් මනුස්සයෙක් නෙ. තමුන්ට පොඩ්ඩක් හොයල බලන්න තිබුනනෙ. මේ මනුස්සයට මගේ තාත්තගෙ වයස ඇති. තමුන්ටත් තාත්ත කෙනෙක්
ඉන්නවනෙ. මනුස්සකම තියෙන්න ඹ්න.

(යකෝ මූ ඇත්තට ට්‍රැෆික් ඕ.අයි.සී ගේ තාත්තද මන්ද.. මෙච්චර කියවන්නෙ. මටත් දැන්නම් හොදටම කට කහනව ඒ උනාට තර්ක කරන්නෙ නැතුව හිටිය. මට ඕන මේ මඟුල ඉවරයක් කර ගන්න)

මම  : සර්. මේ සිද්දිය නිසා මගේ යාළුවට අන්තිම අමාරු උනා, මගේ බයික් එකත් ඉවරයි, ඉන්ෂුවරන්ස් ක්ලේම් කරන්න තමයි දැන් මෙච්චර මැරෙන්නෙ.

ට්‍රැෆික් ඕ.අයි.සී : හරි එතකොට දැන් නඩු යන්නද ඹ්න?

මම : මට ඕන එහෙම නැතුව බේරුමක් කර ගන්න. මට තව නඩු වලට රස්තියාදු වෙන්න බෑ. සල්ලියි කාලයයි නාස්ති වෙන එක වෙන්නෙ.

ට්‍රැෆික් ඕ.අයි.සී : (ෆුට් දිහා බලල) තමුන් කැමතිද සමාදාන වෙන්න?

ෆුටා ඔළුව වැනුවා

ඕන් ඉතින් ඊට පස්සෙ කට්ටියම ලොකු ඕ.අයි.සී ලඟට ගියාම, එතුමාගේ තීරණයෙන් රුපියල් හාරදාහක් ෆුට් සයිකල් පොරට දීල ඔක්කොම කෙළවරක් කරන්න කැමතිද කියල මගෙන් ඇහුවා. මමත් කැමැත්ත දීල ලියවිල්ලක් අත්සන් කරගෙන ඉතිරි වැඩත් කරගෙන ආවා.


අවසාන වශයෙන් මට කියන්න තියෙන්නෙ, ඔය අයට පොලීසි සම්බන්ධ අකරතැබ්බයක් උනොත් එහෙම පොලීසියේ දන්න කියන උසස් නිලධාරියෙක් නැත්නම්, නීතීඥයෙක් හරහා කථා කරන්න. ඒකෙන් ගොඩාක් කාලය,මුදල් ඉතිරි කර ගන්න පුළුවන්. ඒ වගේම අනවශ්‍ය කරදර මගහරව ගන්න පුළුවන්.

Tuesday, November 1, 2011

තවත් චරිතයක් - අඩුවක් නැති කොල්ලො


එක්තරා බෝඩිමක ඉදල තව බෝඩිමකට ගිය අලුත වුනු දෙයක් මේක. මේ කඵාව කියන මම බල්ලා අනික කොල්ලා. බල්ලෙක් ගානට වැටුනෙ ඇයි කියල තේරෙයි.

කොල්ලව මුණ ගැහුනු පළවෙනි දවස...

(කොල්ලා ඉතින් ඉන්නෙ ෂෝට ගහල, සිරා ටී ෂර්ට් එකක් මරල, රබර් දෙක දාල, ජෙල් නාලා, පර්ස් එක එහෙම අතට අරන් තමයි කොයි වෙලෙත් ඇවිදින්නෙ. කාමර වල ගංජා ගඳ කුඩු වෙන්න සෙන්ට් එක ගහනව. කොල්ල ළඟට එන කොට බල්ල පදිරි ඉතින්)

කොල්ලා : මචං උබ කොහෙද වර්ක් කරන්නෙ ?

බල්ලා : මේ අර අහවල් තැන

කොල්ලා : ආ.. එතන මොනවද කරන්නේ ?

(කොල්ලා කථා කරන්නෙ ගැඹුරු වොයිස් එකකින්. වචන උගුරට එන්නෙ කකුල් දෙකේ ඉදල.)

 බල්ලා : එතන කොම්පියුටර් නෙට්වර්ක් සයිඩ් එකේ.

කොල්ලා : සැලරි ෂේප්ද?

බල්ලා : ඔව් අව්ලක් නෑ. (මොකෝ ඇත්ත කියල අඩන්නද, පදිරි වෙන්නත් බෑනෙ)

(දැන් වාත වී ගෙන එන්නෙ. මේ හු-- ප්‍රශ්ණ අහනව කෙලවරක් නෑ.)

කොල්ලා : කීයක් විතර සෙට් වෙනවද?

(හු- මෙහෙමත් අහනවද යකෝ මනුස්සයෙක්ගෙන්. පදිරි වෙන්න බෑ, කිව්ව ඇත්ත ගානට වඩා 10 ක් වැඩියෙන්)

බල්ලා : විසි පහක් විතර...

(කොල්ලා නිකන් අමුතු මූඩ් එකක් දානව මම ගැන දුකෙන් වගේ)

කොල්ලා : එහෙමද? මම වර්ක් කරන්නෙ අහවල් ඉන්ෂුවරන්ස් කම්පැනි එකේ...

(මම මුකුත් අහන්නෙ නෑ පොර තමයි දෙසන්නෙ. මම දැන් දෙන්නෙ හ්ම් හ්ම්... එහෙමද...ආ... රිප්ලයි තමයි)

කොල්ලා : මට නම් ‍ෂේප් මචන්. බේසික් එකයි කමිෂන් එකයි සෙට් උනාම එයිටි (80) විතර සෙට් වෙනවා.

(ඇඩෙනවා..බල්ලා පදිරි. කොහොම හරි ඒකා එදා ගියේ මට උගේ කම්පැනි එකේ ඕනෙ නම් ජොබක් සෙට් කරන්නම් කියල )

දවස් දෙකකට විතර පස්සෙ මම කකා ඉන්නකොට මෑන්ස් ආව

බල්ලා : කොහොමද? උඹ කෑවද ? වරෙන් කමු.

(වැරදි ප්‍රශ්ණයක්නෙ ඇහුවෙ)

කොල්ලා : නෑ මචන් මම රයිස් එකක් කාල ආවෙ උබ කාපන්.

(විනාඩි දෙක තුනක් කොල්ලා වට පිට බල බල හිටියා. ඉදලා....)

කොල්ලා : මචං මට ෆයිව් තව්සන්ඩ් (5000) ගන්න පුළුවන්ද? පොඩි හදිසියකට..

(හෙණ ගහන්න වගේ ඉල්ලුවනෙ මූ. හරියට මම ඌට ණයයි වගේ. දැන් ඉතින් බල්ලගේ මීටර් එකට වැටුනා කොල්ලගේ පික්චර් එක)

කොල්ලා : ගෙදරට ඕන වෙලා මගේ ළඟ තිබුනු සේරම දුන්න ඒකයි සිද්දිය.

(කොල්ලා රැඟුවට බල්ලා බල්ලාම නෙ)

බල්ලා : අඩේ එච්චර ගානක් නෑ මචං.

කොල්ලා : ආ අව්ලක් නෑ. දෙකක් (2000) වත් ගන්න නැද්ද?

බල්ලා : අනේ නෑ මචං. ඔන්න රුපියල් පනහක් සීයක් වගේ නම් දෙන්න පුළුවන්

(හිනා වෙලා කිව්ව ඉතින්.. දැන් කොල්ලා සුසුමක් හෙළල යන්න හදන්නෙ.. එහෙම යන්න ගිහින් ආයෙත් හැරිල... )

කොල්ලා : කමක් නෑ මචං මට එහෙනම් 100 ක් දීපන්.

 රුපියල් සීයත් අරන් කොල්ලා වාෂ්ප වුනා. හැබැයි රයිස් කෑව කියපු එකා ඒකෙන් කෑම එකක් අරගෙන ආවෙ. එක අතකට පව් ඉතින්. ඒ වුනාට උගේ බොරු ෂෝ එක නෙ අවුල. මේ ඉතින් එක චරිතයක් විතරනේ. ඔයාලටත් අනිව මේ වගේ ඩයල් සෙට් වෙලා ඇතිනෙ.